Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


ලාල් ගේ නිවස - ගල් අඟුරු සහ ජවිපෙ මානසිකත්වය අභිබවා ගිය අරුචුනා


2026-04-07 1270

 

(Subhashini Wipfler)

 

මේ වෙනකොට ලාල්ගේ ගේ ගැන පොදුජන පෙරමුණ පැත්තෙන් අයුතු ධනවත් වීම ගැන පැමිණිල්ලක් ලැබිලා. ඒ පැත්තෙන් එහෙම වෙන්න ඕන.හැබැයි ඒ පැමිණිලි හා ඒ පෙරමුණේ නායකයන්ට තියෙන නඩු එක්ක ඩීල් නොදා.. අනික් අතට පොහොට්ටුව තරම් ඒ දෙයට කව්රුවත් වෙන සුදුසු නැහැ.

පොහොට්ටුවේ ඉන්න ගමේ 365 දවසම ගොවිතැන් කරලා ජීවත්වෙන කෙනාටත් හොරා කිව්වේ ලාල් ලා සහ ලාල්ලව අනුගමනය කරපු රටේ පොෂ්, උගත් බුද්ධිමත් කියලා තමන් ම හඳුන්වා ගත්තු කට්ටිය.(තමන් ම හොරු වෙන ගමන්)

ලාල් ට හොඳ ගෙයක් තියෙන එක අපිටනම් අවුලක් නැහැ.පියානෝවක් තියෙන එකත් අවුලක් නැහැ. සෝලාර් ගෙවල් වලට යොදාගැනීමත් හොඳ දෙයක්. අවුල තියෙන්නේ ලාල් ලා රංගනය කරපු දේ හා මේ දේවල් අතර ඇති පරස්පරය. අනුරගේ කඩවත ගේ හා පැලවත්ත කාර්යාලය හැදිච්ච හැටි මහින්ද මහත්තයා තරම් දන්නා කෙනෙක් නැහැ. චන්ද වලදී ජවිපෙ ප්‍රධාන පක්ෂවලට උදව් කලේ විශාල මුදල් කුට්ටි වලට.ඒවාට කේවල් කරපු හැටි රාජිත කියලා තිබුණා කලකට ඉහතදී. ම

ඔවුන් කලේ පක්ෂේ මැරිච්ච මිනිස්සු ,කැපකිරීම් කරපු මිනිස්සු උගසට තියලා මහා පක්ෂ දිනවන්න සල්ලි අරන් කැම්පේන් කරපු එක.දේශපාලනය කරපු හැමෝම ඒ බව දන්නවා. අපිත් ලංකාවෙන් එන්න කලින් පක්ෂ දේශපාලනයේ හොඳින්ම හිටපු නිසා අපිත් දන්නවා එයාලා ප්‍රගතිශිලිද නැද්ද කියලා. අපි එයාලට දේශපාලනිකව අකැමති වෙන්න පළමු හේතුව එය.

නැව් ගිනි තියනවා වගේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු පවා, එහෙමත් නැතිනම් එයාලගේ කැරලි දෙකම කියන නැගිටීම් කියලා සමරණ ඒවා පවා කොන්ත්‍රාත්තු තමයි. එයින් රට පස්සට ගියපු බව මොලේ තියන මිනිස්සු දන්නවා. කාට හරි ඒවා විමුක්ති සටන් නම් මේ බලය ලැබීම හා ක්‍රියාකරන ආකාරය අනුව ඒවායේ මිත්‍යාවෙන් තමන්ගේ ඔලුව හොල්ලලා පියවි සිහියට එන්න ඒ බලය ලැබීම හා අභ්‍යාස කරන ආකාරය ගැන උදව්වක් කරගන්න. නැතිනම් ඔයාලා මිය යන්නේ ලාල් ලාගේ අනුරලාගේ උපහාසයට ලක්වෙලා. දැනටමත් එයාලා හිනා වෙන බව ඔයාලා දන්නේ නැහැ. චතුරංග අබේසිංහ කියලා හිනා වෙලත් තිබුණලු " අපි හොරකම් කලත් චන්දෙ දීපු අය හිතන්නේ අපි හොරකම් කරන්නේ නැහැ කියලා"

ඉතින් හොරකම්, අයුතු ධනවත් වීම් මැරකම්, ජඩකම්, ලිංගික ජඩකම් සියල්ල මේ වසර එකහමාරේ පෙලගස්වල බලන්න. පිල්ලෙයාන් ගේ සිද්ධිය,රනිල්ගේ සිද්ධිය සලේගේ සිද්ධිය අරගෙන නීතීය ක්‍රියාත්මක වෙන හැටි බලන්න.විලාප තියන්න එපා අපි රැවටුණා කියලා. එකට දීග කෑවා නම් ඒ දීගේ වගකීම ගන්න. ඒ වගේම දෙපාරක්ම ඔවාලා මේ හානිය කරපු බව මතක තියාගෙන ඊලඟ චන්ද වලදී ඔයාලා රට හදන එක පොඩ්ඩක් පස්සට අරන් බලා ඉන්න. දැන් අවස්ථා දෙකක්ම 68 ලක්ශේ ලබපු නිසා අනිත් අයටත් අවස්තාවක් දෙන්න. මොකද ඒ චන්දෙ. ඒ කැම්පේන් වලට ලාල් ට අනුරට, වසන්තට හිනාවෙන්න තැන් නැතිව ඉන්නේ.

අරුචුනා කියන විදියට එයා කොටියෙක් තමයි. සිංහල හරියට බැරිව හරි අරුචුනා මුලින් හිටියට වඩා මේ වසර එකහමාරේ ගොඩාක් පරිණත වෙලා. IMF එකට කොන්දක් ඇතිව ගල් අඟුරු හොරකම වාර්තා කලේ අරුචුනා. ලංකාවේ පාර්ලිමේන්තුවේ උපදෙස් සැසියේදී විපක්ෂ නායක පුටුවේ එයා වාඩිවීම ගැන මම මුලින් විරුද්ධ වුණත් අරුචුනා IMF එකට ඒ කරපු නිර්භීත වැඩෙත් එක්ක එයා අද සිට මට විපක්ෂ නායක කියලා හිතෙනවා. රෙස්පෙක්ට් අරුචුනා.

ඉතින් ලාල් ලා තම දේශපාලන කාලේම කලේ දේශපාලනය පෙන්වමින් ජනතාවගේ පොකට් එකට විදපු එක. ඒ දකුණේ කියාගත් විප්ලව වාදියෙක් ගේ ජිවන චක්‍රය.. අරුචුනා එයාම කියන කොටියා, ප්‍රභාකරන් නායකයා කියලා පිළිගන්න කෙනා..වෙනස් විදියකට හැසිරිලා. වංචාව විතරක් නෙවෙයි පාරිසරික හානිය ගැනත් හිතලා. IMF එක කුමාර ජයකොඩි දිසානායක අයින් කරන්න කියනවලු. බලමු අනුර ඒ රිස්ක් එක ගනීද කියලා. හැබයි ලාල් ගේ ගේ එලියට ඇද්දේ ,පියානෝ එක එලියට ඇද්දේ ගල් අඟුරු හොරකම ජනතාවගෙන් වහන්න කියලා තේරුම් ගන්න හැමෝටම බැහැනේ.

කොටි අතරෙත් විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවා. එකතු කරපු සල්ලි වලින් පොහොසත් වෙච්ච. එයත් ජවිපෙට දෙවෙනි නැහැ. මේ විප්ලව කාරයෝ ඔක්කොම හැමදේම කලේ අන්තිමට තමන් හොඳින් ඉන්න. පුහු විප්ලව කාරයොන්ගේ ඇස් ඇරේවා..

Advertiesment